බ/කළුපහණ මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

විදුහල්පති පණිවිඩය

W.R.J.V.බාලසූරිය

ශත වර්ෂයකට අධික ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන බ/කළුපහණ මහා විද්‍යාලය වූ කලි ඌව වෙල්ලස්සේ හල්දුම්මුල්ල පුරවරයට මිණි පහනක් වූ කීර්තිමත් පාසලකි. ගුණ නැණ ‌බෙලෙන් යුතු දරු පරපුරක් දායාද කිරීමේ අභිලාෂය පෙරටු කර ගනිමින් ගෝලීය අධ්‍යාපන අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා 21 වන සියවසේ දරුවන්ට දැනුම ,ආකල්ප ,කුසලතා ,පෞරුෂ සංවර්ධනය හා සමාජීය කුසලතා සංවර්ධනය වීම මෙන්ම තාක්ෂණය භාවිතය ද සැබැවින් ම අවශ්‍ය වූවකි .ඒහි සුවිශේෂී සාධනීය පියවරක් වශයෙන් පාසල් පරිසරය ඩිජිටල්කරණය කිරීම කාලීන අවශ්‍යතාවයකි.
                        කළුපහණ විදුබිමේ ආදි විද්‍යාර්යථන් බොහෝ දෙනෙකු පාහේ උසස් නිලතල හොබවමින් විවිධ ආයතනවල ක්ෂේත්‍ර ගණනාවක්  නියෝජනය කරමින් විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් අප හා අත්වැල් බැදගෙන නවමු මාවතකට අවතීර්ණ  වූ මෙවැනි වූ ‌සොදුරු නිමේෂයක අඛන්ඩව තොරතුරු හුවමාරු කර ගැනීමත් ,යවත්කාලීන තොරතුරු හරහා පහසුවෙන් ප්‍රජාව හා ඒ්කාබද්ධවීමත් මෙම වෙබ් අඩවිය නිර්මාණය ප්‍රමුඛ කාර්යය සේ සලකමි. විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් ඉදිරියටත් මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගනිමින් විද්‍යාලයේ අභිමානය ඉහළින් ඔසවා තබන්නට අප විද්‍යාලයේ හා සම්බන්ධ සියලුම අංශවලට අප හා අත්වැල් බැද ගන්නා ලෙස ආරාධනා කරමි .
                                               ඒසේ ම මෙම කර්තව්‍ය සාක්ෂාක් කරගැනීමට උරදුන් සැමට මාගේ හෘදයාංගම ප්‍රණාමය පිරිනමන අතර විද්‍යාලයේ දූ දරුවන්ගේ ගුණ නුවණ සේ ම අධ්‍යාපනය  ද දියුණුවට පත් වේවා යි ප්‍රර්ථානා කරමි.

W.R.J.V.බාලසූරිය
විදුහල්පති
බ/කළුපහණ ම.වි..