බ/කළුපහණ මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

W.M.S. වීරකෝන්

ඌව වෙල්ලස්සේ හල්දුම්මුල්ලේ බ/කළුපහණ මහා විද්‍යාලය ශතවර්ෂාදික කාලයක් සිය සුභ මෙහෙවර සාර්ථකව ඉටු කරමින් සිටී.නව සුවිසල් තාක්‍ෂණික යුගයට අවැසි සුපසන් දරු පරපුරකට පෙරමං තනන්නට පාසල් පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සුවිසල් ජයග්‍රහණයකි.

දෙස් විදෙස් කීර්තියට පාත්‍ර වූ ආදි කළුපහණ විද්‍යාරතයින් හා නූතන පාසල් ප්‍රජාව එක්ව නව ජවයකින් පෙරට යන නිමේෂයක මෙම වෙබ් අඩවි නිර්මාණය අතිශයින්ම කාලෝචිතය. වේගයෙන් දියුණු වන අනාගත නව ලෝකය සමග සුහුරු සබදතා යාවත්කාලීනව පවත්වා ගැනීමට සියළුම දෙනාට සුහදව ආරාධනා කරමි

W.M.S. වීරකෝන්
නියෝජ්‍ය විදුහල්පති
බ/කළුපහණ ම.වි..