ක්‍රි.ව. 1895දී කළුපහණ පුස්සැල්ල අරළුතලාවේ දඹවින්න රටේ මහත්තයා හෙවත් දිසාපතිවරයාගේ වලව්වේ බ/කළුපහණ මහා විද්‍යාලය ආරම්භ වී ඇත. වැල්ලවාය ආදායම් පාලක නිළධාරී කොට්ඨාශයට අයත් වූ මෙම ප්‍රදේශය අධිරාජ්‍යවාදී පාලනයට දැඩි සේ නතු වූ ප්‍රදේශයකි. බ/කළුපහණ මහා විද්‍යාලය ආදායම් පාලක කොට්ඨාශයේ ආරම්භ වූ මුල්ම විදුහල වශයෙන් විදුහලේ ලිඛිත මූලාශ්‍රවල සඳහන් වේ.
කළුපහණ අරළුතලාවේ වලව්වේ මෙම විදුහල ආරම්භ කිරීමට ඒවකට කළුපහණ පුස්සැල්ල විහාරාධිපතිව වැඩ විසූ ගරු ජේ. පියරතන හිමි සහ දඹවින්න රටේ මහත්තයා පුරෝගාමී වී ඇත.
1903 දී පමණ අරළුතලාවේ වලව්වේ සිට විදුහල පිහිටි ස්ථානයට ගෙන ආ බව කියවේ. මෙම ස්ථානයේ කුඩා ශාලාවක් කටු මැටි ගසා ඉදි කොට වහලයට බට පතුරු සෙවිල්ලාප්‍රදේශයේ ළමුන්ට ඉගැන්වීමේ කටයුතු කරගෙන ගිය බවත් පසු කාලීනව බට පතුරු ගලවා රබර් ෂීට් වහලයට සෙවිල්ලූ බව ප්‍රදේශවාසී මෙම විදුහල පිළිබඳව පැරණි තතු දත් අය පවසති. මෙම ශාලාවේ ඒක් පැත්තක කාමරයක ගුරු නිවසක් වශයෙන් භාවිතා කළ කොටසක් තිබූ බව කියවේ. 1970 මැයි මස 01 වන දින මෙම විදුහල රජයට පවරා ගෙන ඇත.
ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ කන්ද පල්ල කෝරලයේ හල්දුම්මුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ ඌවතැන්න ග්‍රාම නිලධාරී වසමේ කොළඹ බදුල්ල මහා මාර්ගයට යාබදව බ/කළුපහණ මහා විදුහල පිහිටා ඇත.
මෙම විදුහල 1968 ජනවාරි පළමුවෙනිදා පාසල් ප්‍රතිසංවිධාන කාරීමේ වැඩසටහන යටතේ කණිෂ්ඨ ද්විතියික මහා විදුහලක් ලෙස උසස් කර ඇත. මෙසේ ආරම්භ වූ මෙම විදුහල වර්තමානයේ දෙමහල් ශාලා හා පංති කාමර ගොඩනැගිලිද පුස්තකාල විද්‍යාගාර ගොඩනැගිලි වලින්ද සමන්විතය.
අ.පො.ස.(ස/පෙළ)දක්වා ප්‍රධාන විෂයයන් 06ක්ද චිත්‍ර /නැටුම් /සංගීත විෂයන්ද පුරවැසි අධ්‍යාපනය භූගෝලය ගිණුම්කරණය විෂයයන්ද සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ගෘහ ආර්ථික විද්‍යාව නිර්මාණ තාක්ෂණය තොරතුරු තාක්ෂණය කෘෂිකර්මය ආදී විෂයයන්ද ඉගැන්වේ.
අ.පො.ස.(උ/පෙළ)කලා /වාණිජ විෂය ධාරාවන් 2ක් පවතින අතර වර්ෂයක් පාසා ශිෂ්‍ය/ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලයට ඇතුලත් වනු ලබයි.
මෙහි පෝෂක ප්‍රදේශ වශයෙන් කළුපහන ගම්වසම්ගම පුස්සැල්ල අරළුතලාව නිදන්ගොඩ ඌවතැන්න දෙහිගහමඩිත්ත වෙලේගම මරංගහවෙල දිගන්වෙල වෙහෙරගොඩ කොස්ගම හල්පේ ආදී ප්‍රදේශ ඇතුලත් වේ.
මෙම ප්‍රදේශයේ මිනිසුන්ගේ ප්‍රධාන ආර්ථික උපාය මාර්ගය වී ඇත්තේ ගොවිතැනයි. වී වගාවට අමතරව තේ ගම්මිරිස් හා ඒළවළු වගා කරයි. මේ අනුව කෘෂි කර්මාන්තය ජීවනෝපාය කර ගත් බහතර ජන සංඛ්‍යාවක් වාසය කරයි.